මැලිබන් බිස්කට් 70 වෙනි සංවත්සරය – ‘රස සිත්තම්’ චිත්‍ර තරගය
“මැලිබන් බිස්කට් 70 වෙනි සංවත්සරය – ‘රස සිත්තම්” චිත්‍ර තරගයට අදාළ නියමයන් සහ කොන්දේසි.
තරඟයේ අනුග්‍රාහකත්වය දරන Maliban Biscuit Manufactories (Pvt) Limited යනු, 2007 අංක 07 දරන ශ්‍රී ලංකා සමාගම් පනත යටතේ විධිමත් ලෙස සංස්ථාපිත සමාගමක් වන අතර එහි ලියාපදිංචි කාර්යාලය “අංක 389, ගාලු පාර, රත්මලාන” හි පිහිටා ඇත.
වයස අවුරුදු 12 සහ ඊට අඩු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා මෙම තරගය විවෘත වේ. සහභාගිවන්නන්ට අවශ්‍ය නම් වයස සනාථ කිරීමට හැකි විය යුතු ය.
2024 ඔක්තෝබර් 01 සිට ඔක්තෝබර් 31 දක්වා නිර්මාණයන් ඉදිරිපත් කළ හැක. (සඳහන් කළ දින දෙක ද ඇතුළත් වේ.)
සහභාගිවන්නන් තරගය සඳහා පහත මාධ්‍යයන් භාවිතා කළ හැක: ක්‍රෙයොන්ස්, පාට පැන්සල්, මා(ර්)කස්, දිය සායම් සහ පෝස්ටර් තීන්ත.
ඩිජිටල් ලෙස සිතුවම් කරන ලද චිත්‍ර/ කලා කෘති පිළිගනු නොලැබේ.
මෙම තරඟය මුද්‍රණ, රූපවාහිනිය, ගුවන්විදුලිය, වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වේදිකා (Meta, Facebook, Instagram) මගින් ප්‍රවර්ධනය කෙරේ.
තරගකරුවන්ට පහත ක්‍රමවලින් එකක් මගින් තම කලා කෘති ඉදිරිපත් කළ හැක.
මෙම තරගයට සහභාගී වීමෙන්, මෙම තරඟය සඳහා මැලිබන් ආයතනය විසින් සුදුසු යැයි සලකන ලද ස්ථිතික සහ එළිමහන් LED තිර, සමාජ මාධ්‍ය වේදිකා සහ ප්‍රවර්ධන නාලිකා ඇතුළු වෙනත් ඕනෑම මාධ්‍යයක ඔබේ කලා නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට ඔබ එකඟ වේ.
© 2024 Maliban Biscuit Manufactories (Pvt) Limited
Website designed and developed by Artslab Creatives