කොන්දේසි සහ නියමයන්

කොන්දේසි සහ නියමයන්

මැලිබන් බිස්කට් 70 වෙනි සංවත්සරය – ‘රස සිත්තම්’ චිත්‍ර තරගය 

“මැලිබන් බිස්කට් 70 වෙනි සංවත්සරය – ‘රස සිත්තම්” චිත්‍ර තරගයට අදාළ නියමයන් සහ කොන්දේසි.

  • අනුග්‍රාහකත්වය:

තරඟයේ අනුග්‍රාහකත්වය දරන Maliban Biscuit Manufactories (Pvt) Limited යනු, 2007 අංක 07 දරන ශ්‍රී ලංකා සමාගම් පනත යටතේ විධිමත් ලෙස සංස්ථාපිත සමාගමක් වන අතර එහි ලියාපදිංචි කාර්යාලය  “අංක 389, ගාලු පාර, රත්මලාන” හි පිහිටා ඇත.

  • සුදුසුකම්:

වයස අවුරුදු 12 සහ ඊට අඩු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා මෙම තරගය විවෘත වේ. සහභාගිවන්නන්ට අවශ්‍ය නම් වයස සනාථ කිරීමට හැකි විය යුතු ය.

  • නිර්මාණ එවිය හැකි කාල සීමාව:

2024 ඔක්තෝබර් 01 සිට දෙසැම්බර් 31 දක්වා නිර්මාණයන් ඉදිරිපත් කළ හැක. (සඳහන් කළ දින දෙක ද ඇතුළත් වේ.) 

  • කලා මාධ්‍ය:

සහභාගිවන්නන් තරගය සඳහා පහත මාධ්‍යයන් භාවිතා කළ හැක: ක්‍රෙයොන්ස්, පාට පැන්සල්, මා(ර්)කස්, දිය සායම් සහ පෝස්ටර් තීන්ත. 

ඩිජිටල් ලෙස සිතුවම් කරන ලද චිත්‍ර/ කලා කෘති පිළිගනු නොලැබේ.

  • තරගය ප්‍රවර්ධනය කරන මාධ්‍යයන්:

මෙම තරඟය මුද්‍රණ, රූපවාහිනිය, ගුවන්විදුලිය, වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වේදිකා (Meta, Facebook, Instagram) මගින් ප්‍රවර්ධනය කෙරේ.

  • නිර්මාණ යොමු කරන ආකාරය:

තරගකරුවන්ට පහත ක්‍රමවලින් එකක් මගින් තම කලා කෘති ඉදිරිපත් කළ හැක.

  • තැපැල් මාර්ගයෙන්: P.O.Box 389, ගාලු පාර, රත්මලාන, ශ්‍රී ලංකා යන ලිපිනයට ඔබගේ නිර්මාණය යොමු කරන්න. 
  • වෙබ් අඩවිය: https://malibanrasasiththam.com වෙත පිවිස පැහැදිලි ලෙස ස්කෑන් කළ ඡායා පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. 
  • WhatsApp මාර්ගයෙන්: 072 441 0077 අංකයට ඔබේ නිර්මාණය WhatsApp කරන්න. 
  • QR කේතය මගින්: QR කේතය ස්කෑන් කර ඔබේ නිර්මාණය යොමු කරන්න. 
  • මැලිබන් කණ්ඩායම මාර්ගයෙන්: නම් කරන ලද පාසල් වෙත පැමිණෙන මැලිබන් කණ්ඩායම් වෙත ඔබේ නිර්මාණය භාරදිය හැක. 
  • කැමැත්ත ප්‍රකාශ කිරීම:

මෙම තරගයට සහභාගී වීමෙන්, මෙම තරඟය සඳහා මැලිබන් ආයතනය විසින් සුදුසු යැයි සලකන ලද ස්ථිතික සහ එළිමහන් LED තිර, සමාජ මාධ්‍ය වේදිකා සහ ප්‍රවර්ධන නාලිකා ඇතුළු වෙනත් ඕනෑම මාධ්‍යයක ඔබේ කලා නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට ඔබ එකඟ වේ.

  • පොදු කොන්දේසි:
  • තරගය සඳහා යොමු කරන ඕනෑම කලා කෘතියක් තරඟකරුවන්ට වන්දි ගෙවීමකින් තොරව ප්‍රවර්ධන සහ අලෙවිකරණ අරමුණු සඳහා භාවිතා කිරීමේ අයිතිය මැලිබන් ආයතනය සතු වේ. 
  • විනිසුරු මඬුල්ලේ තීරණය අවසාන තීරණයයි. 
  • ඉහත නියමයන් පෙර දැනුම්දීමකින් තොරව වෙනස් කිරීමේ අයිතිය මැලිබන් ආයතනය සතු වේ.

GET IN TOUCH

GET IN TOUCH

© 2024 Maliban Biscuit Manufactories (Pvt) Limited
Website designed and developed by Artslab Creatives